Kitchen
පාන් වලින් කොත්තු හදමුද?
කොත්තු කියන්නේ අපි හැමෝම කන්න කැමති දෙයක් නේ. ඒත් කොත්තු හදන්න තමයි ටිකක් අමාරු. අද කියන්න යන්නේ ලේසි විදියට පාන්වලින් කොත්තුවක් හදාගන්න විදිය ගැනයි. ඉතාම ලේසියෙන් සුළු වෙලාවකින් හදාගන්න පුළුවන් මේ පාන් කොත්තුවට ඔබත් කැමතිද බලන්නකෝ
අවශ්‍ය ද්‍රව්‍ය :-
පොඩි කැබලිවලට කඩා ගත් පාන්
තලා ගත් සුදු ළුණු
තලා ගත් ඉඟුරු
හීනියට කපා ගත් රට ළුණු ගෙඩියක්
අමු මිරිස් කරල් 3ක් 4ක්
බිත්තර 2
කරපිංචා කොළ
කැරට්, ලීක්ස්, බෝංචි ආදි ඔබ කැමති ඕනෑම එළවලු (හීනියට ලියා ගන්න)
කලින් උයා ගත් මස් හෝ මාළු හොදි ටිකක්
සාදන ක්‍රමය :-
පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට ඉඟුරු සුදු ලූණු දාලා තරමක් බැදෙන කොට රම්පෙ කරපිංචා ලූණු සහ එළවලු ආදිය දමා හොඳින් කළවම් කරන්න. මේ දේවල් තරමක් බැදෙනවිට බිත්තර එකතු කර හොඳින් කළවම් කරන්න. ඉන් පසු ටික වෙලාවකින් පාන් ටික එකතු කරගන්න. හොඳින් කලවම් කරන ගමන් මස් හොදි හෝ මාළු හොදි ටික ටික එකතු කර ගන්න.(අවශ්‍ය නම් කෑලිත් එකතු කර ගන්න.) පාන් පෙගෙන්නේ නැති වෙන්න ලිපෙන් බාන්න කිට්ටු වෙලා හොදි එකතු කර ගන්න. ඔබට අවශ්‍ය නම් මේකට චීස්, සොසේජස්, සෝස් ආදියත් එකතු කර ගන්න පුළුවන්.